පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ   ජර්මනියේ තනාපති අතර හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ජර්මනියේ තනාපති අතර හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ජර්මනියේ තනාපති අතර හමුවක්... මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ජර්මනියේ මෙරට තනාපති ලෙස කටයුතු කරන ආචාර්ය ෆීලික්ස් නොඒමන් (Dr. Filix Neumann) මහතා අතර නිල හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (11) සිදු කෙරෙණි. මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ජර්මනියේ මෙරට තනාපතිවරයා අතර ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර පවතින මිත්‍රත්වය සමාජ, ආර්ථික, අධ්‍යාපනය හා සංස්කෘතිය ආදී කරුණු සම්බන්ධයෙන් සුහද දීර් ඝ කතාබහක නිරත වූ අතර , ලංකාව තුල වුව ද මධ්‍යම පළාතේ පවතින භූගෝලීය හා දේශගුණික තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් අදහස් දැක්වූ තනාපතිවරයා, පළාතේ සංවර්ධන කටයුතු සදහා ජර්මනියේ දායකත්වය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද තානාපතිවරයා සදහන් කළේය. මෙරට වර් තමානයේ පවතින සාමකාමී පසුබිම පිළිබද සිය සතුට පලකළ තානාපතිවරයා නව පරිවර් තනයන් පිළිබද ඉතා අවධානයෙන් සිටින බවත් , යහපත් වෙනසකට මුලපුරා ඇති බවටත් විශ්වාසය පළකළේය. ජාතීන් වශයෙන් වෙන් නොවී, ශ්‍රී ලාංකීය එකම ජාතියක් වශයෙන් කටයුතු කිරිම යන වත්මන් රජයේ දැක්ම ඔස්සේ කටයුතු කරමින් මධ්‍යම පළාත තුළින් එම ආදර්ශය ලබා දීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදි සඳහන් කළේය. මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සමරු තිළිණයක් ද ජර්මන් තානාපතිවරයා වෙත පිළිගැන්විය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය ද එක් වූවාය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook