පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ලොව දකින්නට සුදු සැරයටි ඇස් දළදා මාලිගාවෙන්

ලොව දකින්නට සුදු සැරයටි ඇස් දළදා මාලිගාවෙන් ජාත්‍යන්තර සුදුසැරයැටි දිනය නිමිත්තෙන් දෘෂ්‍යාබාධිත ජනතාව සඳහා සුදු සැරයටි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අබයකෝන් මහතාගේ ප්‍රධානත්ව‍යෙන් පල්ලේකැලේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ, ශ්‍රවනාගාරයේදි පැවැත්විණි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලමේතුමන්ගේ උපදෙස් පරිදි සංවිධානය කළ මෙම වැඩසටහනේදී සුදු සැරයටි 750 ක් පිරිනැමීම සිදු කෙරිණි.ශ්‍රී දළදා මාලිගා විසින් ‍ ආගමික, සංස්කෘතික, සමාජිය හා ප්‍රජා සත්කාර්ය සඳහා ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන තුනකට වැඩි මුදලක් වැය කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලමේතුමන් මෙම අවස්ථවේදී පැවසීය.මෙම වැඩසටහන සඳහා සහභාගී වූ දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා අවශ්‍ය අහාර පාන අදියෙන් සංග්‍රහ කිරීමට ද ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය විසින් කටයුතු යොදා තිබිණි.මෙම අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මහවෙල රතනපාල ස්වාමින්වහන්සේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ මණ්ඩපාධිපති ආචාර්ය උපාලි සේදර, ශ්‍රී දළදා මාලිගාවේ මහලේකම් රෝහණ කීර්තී දිසානායක, මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල යන මහත්වරුන් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති නිලන්ති සමරවීර මහත්මිය ඇතුළු පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook