පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ජාතික පුස්තකාලය මගින් මහජන පුස්තකාල සදහා ක්‍රියාත්මක    Code club Sri Lanka වැඩසටහන

ජාතික පුස්තකාලය මගින් මහජන පුස්තකාල සදහා ක්‍රියාත්මක Code club Sri Lanka වැඩසටහන

ජාතික පුස්තකාලය මගින් මහජන පුස්තකාල සදහා ක්‍රියාත්මක Code club sri lanka වැඩසටහනට ගලේවෙල මහජන පුස්තකාලය ද එක් කෙරේ . ඒ අනුව ගලේවෙල මහජන පුස්තකාලය හා ඉ-නැන පියස ආයතනය ඒකාබද්ධව මෙම වැඩසටහන ගලේවෙල ප්‍රාදේශීය සභාවේ පුර්ණ සහයෝගය ඇතිව පසුගියදා (09) දින සිට ආරම්භ කෙරෙණි . මෙමගින් නව තාක්ෂණික දැනුම සිසුන් ට ලබා දීම අපේක්ෂා කෙරෙන අතර STEMUP අධ්‍යාපන ආයතනය (එම ආයතනය ට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් ) පාඨමාලාව මෙහෙයවනු ලබයි. එයට අනුග්‍රාහකත්වය ලබා දෙනුයේ SLT Mobitel, Raspberry pi යන ආයතනයි . මසකට වරක් නොමිලේ සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන අතර මාස 12ක් අවසානයේ දී පිළිගත් සහතිකයක් පිරිනමේ coding, programing,web development යන වැඩසටහන් සදහා ඉදිරියේදි සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook