පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාශයේ නව ලේකම්වරිය රාජකාරි ආරම්භ කරයි.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාශයේ නව ලේකම්වරිය රාජකාරි ආරම්භ කරයි.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාශයේ නව ලේකම්වරිය රාජකාරි ආරම්භ කරයි. මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් ලෙස පත්වීම් ලැබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය නියෝජනය කරන එච්.එම්.මධුපානි පියසේන මහත්මිය (09) පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේදී සුභ මොහොතින් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී . මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්. අභයකෝන් මහතා විසින් මෙම නව පත්වීම ඉකුත්දා ලබාදීම සිදුකරන ලදී. මහනුවර හිල්වුඩ් හා උසස් බාලිකා යන විද්‍යාල වලින් අධ්‍යාපනය හදාරා, උසස් අධ්‍යාපන කටයුතු සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව සිය ප්‍රථම උපාධිය හා පශ්චාත් කළමනාකරණ ඩිප්ලෝමාව එම විශ්වවිද්‍යාලයෙන් ලබාගනී. අනතුරුව සිය ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නා මධුපානි පියසේන මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වනුයේ 2000 වර්ෂයේදීය. රාජ්‍ය සේවයේ සිය මුල් පත්වීම ලෙස රාජකාරි කටයුතු මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙසින් ආරම්භ කරමින්, පසුව මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්, හාරිස්පත්තුව, ගඟවටකෝරලය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් , අනතුරුව ප්‍රාදේශීය ලේකම් තනතුර හොබවමින් නාවලපිටිය හා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවයේ නිරත වේ. ඉන් අනතුරුව මධ්‍යම පළාත් සභාවේ සමුපකාර සංවර්ධන, වනිතා කටයුතු හා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසින් රාජකාරි කටයුතු ඉටුකොට ඇති ඒ මහත්මිය අද දින (09) මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස වැඩ භාරගැනීමට ප්‍රථමයෙන් මධ්‍යම පළාත් සභාවේ විදුලිබල, බලශක්ති , මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙසින් ඒ මහත්මිය කටයුතු කරමින් සිටියාය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook