
මධ්‍යම පළාතේ කනිෂ්ට වුෂු ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීම වෙනුවෙන් වුෂු සන්දා පුහුණු කදවුරක් දිගනදී!
මධ්‍යම පළාතේ කනිෂ්ට වුෂු ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීම වෙනුවෙන් වුෂු සන්දා පුහුණු කදවුරක් දිගනදී!
මධ්‍යම පළාතේ කනිෂ්ට වුෂු ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වුෂු සන්දා පුහුණු කදවුරක් පසුගියදා (07 දින) මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණ. ශ්‍රී ලංකා වුෂු සම්මේලනය මගින් සංවිධානය කරන ලද මෙම පුහුණු කදවුර ඉරාන ජාතික අන්තර්ජාතික වුෂු පුහුණුකරු වන ආචාර්ය ශිබැක් අබ්බාස් මහතා විසින් මෙහෙයවන ලදී. ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ හිටපු අන්තර්ජාතික වුෂු පුහුණුකරු මෙන්ම වත්මන් සන්දා ලෝක ශුර ඉරානයේ කනිෂ්ට ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ආචාර්ය ශිබැක් අබ්බාස් කටයුතු කරයි.
දිවයිනේ සිටින දක්ෂතා සහිත වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතාවයන් වැඩිදියුණු කිරීම හා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික හා ජාත්‍යන්තර තේරීම් තරගවලදී ශ්‍රී ලංකා කනිෂ්ට ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම මධ්‍යම පළාත් වුෂු සන්දා කදවුර සදහා කනිෂ්ට ක්‍රීඩකයින් 500 දෙනෙකු පමණ සහභාගී වී සිටියහ.මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති , ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ ලේකම් විජිත් එදිරිසිංහ , ජාතික තරග කමිටු ලේකම් ආනන්ද කුමාර , මධ්‍යම පළාත් වුෂු සංගමය නියෝජනය කරමින් අජන්ත බණ්ඩාර , මහේන්ද්‍ර ඒකනායක , නිශාන්ත පතිරාජ , නන්දන සමරසිංහ , රන්ජිත් බණ්ඩාර , අජන්ත රුවන් කුමාර යන උපදේශකවරුන් ඇතුලු පිරිසක් සහභාගී වුහ.