
මධ්‍යම පළාතේ රාජ්‍ය නිලධාරීන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යපෘතිය පිළිබඳව දැනුම්වත් කෙරේ
මධ්‍යම පළාතේ රාජ්‍ය නිලධාරීන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යපෘතිය පිළිබඳව දැනුම්වත් කෙරේ
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මධ්‍යම පළාතේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පසුගියදා (09) දින පැවැත්විණි.ජනාධිපති ලේකම් කාර්යාලය සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
මෙම වැඩසටහනේදී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යපෘතිය පිළිබඳව හා එහි සංකල්පය පිළිබඳ දැනුම්වත් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩබ්ලිව්.එම්.බී. විජයන්ත සහ සහකාර ලේකම් ඩබ්.එම්.එම්.එස්.කේ. තලකිරියාව යන මහත්වරුන් විසින් සිදු කරන ලදි.මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යපෘතිය මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා ඇතුළු පළාත් සභාවේ සියළු පාර්ශවයන්ගේ සහයෝගයන් උපරීම ලෙස ලබා දීමට කටයුතු කරන බවත්, ව්‍යාපෘතිය පළාත් සභාව තුළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැවසීය.එමෙන්ම මෙම වැඩසටහන වෙනුවෙන් ජාතික මට්ටමින් ලබාදී ඇති ඉලක්ක, අරමුණු ඔස්සේ මෙහෙයවීම සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම වැඩසටහනට අදාළව සහභාගී වූ මධ්‍යම පළාත් නිලධාරීන්ගෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව අදහස් හා යෝජනා ලබා ගැනීම ද සිදු විය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලෙක්ම්වරුන්, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්, ඇතුළු මධ්‍යම පළාත් සභාවේ ආයතන නියෝජනය කරමින් නිළධාරීන් රැසක් සහභාගී වූහ.