පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

යොවුන් දහම් සක්මන වැඩසටහන, පෙබරවාරි 14 දා  කුණ්ඩසාලේදී ,

යොවුන් දහම් සක්මන වැඩසටහන, පෙබරවාරි 14 දා කුණ්ඩසාලේදී ,

යොවුන් දහම් සක්මන වැඩසටහන, පෙබරවාරි 14 දා කුණ්ඩසාලේදී , පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පනාවක් මත දිවයින පුරා මහමෙවුනා භාවනා අසපු කේන්ද්‍ර කොට වාර් ෂිකව සංවිධානය කරනු ලබන යොවුන් සදහම් සක්මන සදහම් වන්දනා භාවනාමය වැඩසටහන මෙවර පෙබරවාරි මස 14 දින කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපුවේ දී පැවැත්වීමට නියමිතය. 2016 වර්ෂයේ දී ආරම්භ කළ අතර මෙම වැඩසටහන තාරුණ්‍ය මුල් කොට දිවයින පුරා ස්ථාන කිහිපයක පැවැත්විණි. දස වන ‘යොවුන් දහම් සක්මන 2025’ වැඩසටහන, සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (21) අද පැවති දැනුවත් කිරීමේ සාකච්ඡාවේ දී ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම හා වැඩසටහන පිළිබදව දැනුවත් කිරීම කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ නාලන්දේ පවර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් සිදු කළහ. මෙවර ද මෙම වැඩසටහන සඳහා පාසල් හා විශ්වවිද්‍යාල, උසස් තාක්ෂණ ආයතනවල සිසුන්, පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන් ඇතුළු දිවයින පුරා සිටින තරුණ තරුණියන් මෙම වැඩසටහන සදහා සහභාගී කරගැනීමට සැලසුම් කර ඇත. පෙබරවාරි මස 15 දින මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපු පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති‘යොවුන් දහම් සක්මන 2025’ වැඩසටහන සඳහා තරුණ තරුණියන් 15000 කට අධික පිරිසකගේ සහභාගිත්වයක් අපේක්ෂා කරන බව මෙහි දී අනවරණය විය. මෙම සකච්ඡාව සඳහා කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවාසි මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook