පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහනුවර, ජෝර්ජ් ඊ ද සිල්වා වෙළඳ සංකීර්ණයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්

මහනුවර, ජෝර්ජ් ඊ ද සිල්වා වෙළඳ සංකීර්ණයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්

මහනුවර, ජෝර්ජ් ඊ ද සිල්වා වෙළඳ සංකීර්ණයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (31) දින පැවැත්විණි. මෙම වෙළඳ සංකීර්ණය සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පවතින දේපළ අයිතිය, කඩ කුලී තක්සේරුව හා අයකිරීම, සංකීර්ණයේ ආරක්ෂාව ඇතුළු පවතින පොදු පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. එමෙන්ම මෙම ගැටළු සඳහා ලබාදිය යුතු විසඳුම් හා යෝජනා පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීමද මීට සමගාමීව සිදුකෙරිණී. මෙම අවස්ථාව සඳහා ‍මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොළ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහා ජෝර්ජ් ඊ ද සිල්වා වෙළඳ සංකීර්ණයේ වෙළඳ සංගමයේ නියෝජිතයෙන් පිරිසක් ද සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook