
මැදරට දිනන දරුවෝ” මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රධානෝත්සවය.
මැදරට දිනන දරුවෝ” මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රධානෝත්සවය.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රධාන උළෙලේදී පළාතේ අධ්‍යාපන කලාප පහලව අතරින් තුන්වන වරටත් වත්තේගම අධ්‍යාපන කලාපය ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම අධ්‍යාපන කලාපය ලෙස ශුරතාවයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රධානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී පසුගියදා (06) පැවැත්වින.
“මැදරට දිනන දරුවෝ” ලෙස නම් කොට පැවති මෙම සම්මාන උළෙල දී මධ්‍යම පළාතේ පිහිටි අධ්‍යාපන කලාප 15 නියෝජනය කරමින් 2024 වර්ෂයේ පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත වර්ණ ප්‍රදානය කරමින් ඇගයීමට ලක් කිරීම සිදු කරන ලද අතර මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී 1335 දෙනෙකු වර්ණලාභීන් ලෙස ඇගයීමට ලක් කරන ලදී. මෙහිදී ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා ගුරුවරුන්,විදුහල්පතිවරුන්, ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් ද ඇගයීම ට ලක් කරන ලද අතර , සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පැවති ක්‍රීඩා ඉසව් තිස් හයක් වෙනුවෙන් මෙහිදී වර්ණ ප්‍රදානය සිදු කෙරිණ.
මෙහිදී ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ දායකත්වය අනුව සමස්ත අධ්‍යාපන කලාප පහළව අතරින් සමස්ත ශුරතාවයට හිමි සම්මානය දිනා ගැනීමට වත්තේගම අධ්‍යාපන කලාපය සමත් වූ අතර එහි අනුශූරතාවය හිමිකර ගනු ලැබුවේ මහනුවර අධ්‍යාපන කලාපය විසිනි.
මෙම වර්ණ ප්‍රධානෝත්සවයේ දී ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් දැක්වූ කැපවීම අගය කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු විශිෂ්ට සම්මානයට පාත්‍ර විය. බොක්සින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකළ සුසන්ත වීරසේන, මලල ක්‍රීඩාවෙන් කෙටිදුර ධාවකයින් රටට බිහිකළ සංජීව වීරක්කොඩි හා ඔලිම්පික් හා ආසියානු පදක්කම් ලාභීන් රැසක් රටට දායාද කළ සුසන්ත ප්‍රනාන්දු යන සහකාර අධ්‍යක්ෂවරුන් (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන)මෙහිදී විශේෂ ඇගැයීමට ලක්විය.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ(ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන මහතාගේ උපදේශකත්වයෙන් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධූපානී පියසේන, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(මුදල්) ජී.එම්.කේ.ඒකනායක යන මහත්ම මහත්මීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.