පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස්  (Mr. Paul Stephens)  මහතා අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් (Mr. Paul Stephens) මහතා අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් (Mr. Paul Stephens) මහතා අතර හමුවක් 19 දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය. මෙහිදී දෙ‍රට අතර රාජ තාන්ත්‍රික කටයුතු, වර්තමාන රජයේ සමාජ, ආර්ථික හා සංවර්ධන වැඩපිළිවෙල, විශේෂයෙන් රටේ අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සහ මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ලබා දියහැකි සහාය ලබාදීමටත්, කෘෂිකර්මය හා සත්ව නිෂ්පාදනය ක්ෂේත්‍රය විශේෂයෙන්ම කිරි ගව පාලනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙහිදී කරුණු සාකච්ඡාවට බඳුන් විය. මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර අභයකෝන් මහතා විසින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා වෙත සමරු සිහිවටනයක් ද පිරිනැමීම සිදු කරන ලද අතර මෙම අවස්ථාවට මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් Ms.Christina Stephens , Mr. Mathew Lord , මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook