
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් හඳුනාගත් හස්ත කර්මාන්ත අංශ සඳහා ප්‍රමිතීන් හඳුන්වා දීමේ වැඩසටහනක්
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් හඳුනාගත් හස්ත කර්මාන්ත අංශ සඳහා ප්‍රමිතීන් හඳුන්වා දීමේ වැඩසටහන යටතේ කොළඹ ඒ බවර් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු දේවප්‍රිය අත්තනායක මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගිය 20 සහ 21 යන දෙදින තුල පොල්ගොල්ල ජාතික සමූපකාර ආයතනයේදී සහ කලාසිරිගම ගම්මානයේදි පැවැත්විණ.එහිදි ප්‍රමිතියකට අනුව හණ කෙදි වර්ණ ගැන්වීම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දුන් අතර, කලාසිරිගම ගම්මානයේ හණ ශිල්පීන් ඒ සඳහා සහභාගි විය.