පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ඵලදායිතාව  පිළිබඳ පුහුණු වැඩමුළුවක්.

ඵලදායිතාව පිළිබඳ පුහුණු වැඩමුළුවක්.

මධ්‍යම පළාතේ අමාත්‍යංශ ,දෙපාර්තමේන්තු හා ආයතනවල සේවයේ නියුක්ත නිලධාරින් සදහා ඵලදායිතාවය පිළිබදව පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය පියවර ගෙන ඇත. 

මෙහි පළමුවැනි වැඩසටහනේ තෙවන දිනය  (20) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවනාගාරයේදී ආරම්භ කෙරින.(සතියකට දිනක් ) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ඵලදායිතා නිලධාරි ඉනෝකා දිල්හානි තිසේරා මහත්මිය විසින් ලබාදෙන ලද අතර , මෙහිදී ඵලදායිතා තත්ත්ව කව , කව මෙවලම් හා ව්‍යාපෘති වාර්තා සකස් කිරීම යන අංගයන් පිළිබඳව නව දැනුම ලබාදීම සිදු කරන ලදී. 

පළාත් පුහුණු අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook