පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

විසල් මහනුවර නාගරික සංවර්ධන සැලසුම පිළිබඳ සාකච්ඡාවක්.

විසල් මහනුවර නාගරික සංවර්ධන සැලසුම පිළිබඳ සාකච්ඡාවක්.

විසල් මහනුවර නාගරික සංවර්ධන සැලසුම පිළිබඳ සාකච්ඡාවක්. විසල් මහනුවර නාගරික සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් ඇති අභියෝග සහ එහි ක්‍රියාකාරීත්ව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී (28) දින පැවැත්විණි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කඳුරට පාර්ශවයේ (IESL-Kandurata Chapter) මැදිහත්වීම සංවිධානය කළ මෙම සාකච්ඡාවේදී විසල් මහනුවර නාගරික සංවර්ධන සැලසුම (Greater Kandy Urban Development Plan) සම්බන්ධයෙන් මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හා‍ යොජනා ඉදිරිපත් කිරීම සිදුවිණි. මධ්‍යගත ක්‍රමයක අධික්ෂණය යටතේ මෙම නාගරික සැලසුම් ව්‍යාපෘතිය පවත්වාගෙන යාම, ජනතා හිතවාදී ලෙස කඩිනම්න් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් මෙහිදි යොමුවිය. මෙම අවස්ථාව සඳහා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති පී.පී.ඒ.එන්. චන්ද්‍රසිරි, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.එන්. විජේපාල, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ එස්.කේ. දිසානායක, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කඳුරට පාර්ශවයේ නියෝජිතයින් වන සරත් ගාමිණි, දිනුක සෙනවිරත්න යන මහත්වරුන් මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook