පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. මධ්‍යම පළාත් සභාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රථම වරට ඉදිරිපත් වූ කණ්ඩාටම එම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල නියෝජනය කරමින් තරඟ වදින ප්‍රමුඛ පෙලේ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය වන අතර, මෙහිදී H කාණ්ඩය නියෝජනය කරමින් තරග කරන ලද මධ්‍යම පළාත් සභා කණ්ඩායම මූලික වටයේ පැවති සියලු තරග ජය ගැනීමට සමත් වී ඇත. තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පොලිස් මූලස්ථාන කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට මධ්‍යම පළාත් සභා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සබරගමුව පළාත් සභා කණ්ඩායම හා මධ්‍යම පළාත් සභා කණ්ඩායම අතර මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ගේ පූර්ණ උපදෙස් හා මගපෙන්වීම මත, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ එච්.යු.නිශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම ඉදිරිපත්ව ඇති අතර, කණ්ඩායමේ නායකත්වය යොහාන් මදුසංක විසින් දරණු ලබන අතර මධ්‍යම පළාත් ක්‍රිකට් කණ්ඩායම. යොහාන් මදුසංක(නායක) නාලක වත්තේගෙදර බුද්ධික ද සිල්වා නිසල් මාරසිංහ බණ්ඩාර අලහකෝන් ප්‍රියන්ත අගලකොටුව විජේසිරි සේනානායක නිරෝෂන් චන්දිමාල් මොහොමඩ් රිෆායි හේශාන් ගමගේ මිලාන් මදුරප්පෙරුම පසන් පරපිටිය ප්‍රභාත් මදුරංග සංජීව අලුත්වත්ත මහේෂ් විජේරත්න යන ක්‍රීඩකයන් නියෝජනය කරනු ලබයි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook