පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ශිෂ්‍යත්ව අභියෝගය ජය ගන්න සම්මන්ත්‍රණ මාලාවක් මැදරට දරුවන්ට

ශිෂ්‍යත්ව අභියෝගය ජය ගන්න සම්මන්ත්‍රණ මාලාවක් මැදරට දරුවන්ට

ශිෂ්‍යත්ව අභියෝගය ජය ගන්න සම්මන්ත්‍රණ මාලාවක් මැදරට දරුවන්ට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන නැණෝදා අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ මහනුවර කලාපයේ වැඩසටහන මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී (25) පැවැත්විණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ කෙරිණි. මෙය වැඩසටහන මධ්‍යම පළාත පුරා කලාප මට්ටමින් තෝරාගත් ස්ථානවලදී පැවැත්වීමට සැලසුම් කර ඇත.මෙම සම්මන්ත්‍රණය ප්‍රවීන ශිෂ්‍යත්ව දේශක චාමින්ද ලියනාරච්චි මහතා විසින් මෙහෙය වූ අතර මේ සඳහා මහනුවර කලාපයේ ශිෂ්‍ය ශිෂ්‍යවන් පිරිසක් සහභාගී වී සිටියහ. ඇට්ලස් ලංකා සමාගම විසින් මෙම වැඩසටහන සදහා අනුග්‍රාහකත්වය ලබා දෙන ලද අතර මහනුවර කලාප කාර්යාලය සම්බන්ධිකරණ සහාය ලබා දී තිබිණි. මෙහි සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ කේ.ජි.එස්. නිශ්ශංක මහතා, ප්‍රජා පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ මනෝජ් සමරසේකර මහතා, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික) එච්.ජි.එස්. පාලිත, ඇට්ලස් ලංකා සමාගමේ වැඩසටහන් සම්බන්ධිකරණ නිලධාරී ටිෂාන් ජයශාන්ත මහතා ඇතුළු නිලධාරින් විදුහල්පතිවරුන්, ගුරු භවතුන් , සිසු දරුවන් පිරිසක් ඒක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook