පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පාසල් සිසුන් සඳහා නිවාස ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගාවලියක්

පාසල් සිසුන් සඳහා නිවාස ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගාවලියක්

පාසල් සිසුන් සඳහා නිවාස ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගාවලියක් මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ අඩු වියදම් තාක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීම සහ නිවාස ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගාවලිය (ICHC- 2025) පිළිබඳ පාසල් සිසු දරුවන් දැනුවත් කීරීමේ වැඩසටහනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා රඟහලේදී (25) දින පැවැත්විණි.මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම පළාත් ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය, ‌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඒ්කාබද්ධව මෙම වැඩසටහන් සංවිධානය කරයි.මෙම වැඩසටහන සමාරම්භය මධ්‍යම පළාත් ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස මහත්මිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, පීඨාධිපති මහචාර්ය ලිලන්ත සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.නිවාස හා ඉදිකිරීම් තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම උදෙසා සහ අනාගත සිසු පරපුර ඉදිකිරීම් තාක්ෂණය වෙත නැඹුරු කරවීමේ අරමුණින් නිවාස ඉදිකිරීම් තාක්ෂණය ආශ්‍රිත නව නිපැයම් තරගය සංවිධානය කර ඇත.මේ සම්බන්ධයෙන් තෝරාගත් පාසල් සිසුන් දැනුවත් කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සම්පත්දයාකයින් විසින් සිදු කරන ලදි.මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කණිෂ්කා වඩුගේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සංවිධානය කර තිබිණි.මෙම අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, අංශාධිපති කේ.කේ. විජේසුන්දර, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජී.ආර්.එච්.එම්. කුලරත්න, පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යාඥ චතුරිකා කුලරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ගුරුභවතුන් සිසු දරුවන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook