පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

නැණෝදා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානයේ 2025 දෙවන කණ්ඩායම පාඨමාලා ආරම්භ වේ.

නැණෝදා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානයේ 2025 දෙවන කණ්ඩායම පාඨමාලා ආරම්භ වේ.

නැණෝදා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානයේ 2025 දෙවන කණ්ඩායම පාඨමාලා ආරම්භ වේ. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන මැණික්හින්න හුරිකඩුව නාණෝදා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානයේ 2025 වර්ෂය සදහා පාඨමාලවන් සදහා නවක සිසුන් ඇතුලත් කරගැනීම පසුගිය 01 වන දා සිදුවිය. එම වැඩසටහන ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) කේ.ජි.එස්. නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එම අවස්ථාව සදහා ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, නැණෝදා වෘත්තීය අධ්‍යාපන පුහුණු මධස්ථානයේ කළමනාරකරු එව්.එම්.එස්. කුමාර යන මහත්වරුන් හා නවක සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.නැණෝදා වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානය මගින් වාර්ෂිකව සිසු කණ්ඩායම් දෙකක් බදවා ගනිමින් සිසුන් 300 ක පමණ ප්‍රමාණයක් පුහුණු කර සමාජගත කෙරේ. මෙම සියලු පාඨමාලා සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර මෝටර් රථ කාර්මික ශිල්පය, රුපලාවන්‍ය හා කෙෂාලංකාර ශිල්පය, විදුලි කාර්මික ශිල්පය, ග්‍රැෆික් නිර්මාණකරණය, යාන්ත්‍රික මැහුම් ශිල්පය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පය යන පාඨමාලා මෙහි ක්‍රියාත්මක වේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook