පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

නිවාස ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගාවලිය පිළිබඳ  මාතලේ  සිසුන් දැනුවත් කෙරේ

නිවාස ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගාවලිය පිළිබඳ මාතලේ සිසුන් දැනුවත් කෙරේ

නිවාස ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගාවලිය පිළිබඳ මාතලේ සිසුන් දැනුවත් කෙරේ මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ අඩු වියදම් තාක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීම සහ නිවාස ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගාවලිය (ICHC- 2025) පිළිබඳ පාසල් සහ කාර්මික විද්‍යාලවල සිසු දරුවන් දැනුවත් කීරීමේ වැඩසටහනක් මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී (21) දින පැවැත්විණි.මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම පළාත් ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය, ‌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඒ්කාබද්ධව මෙම වැඩසටහන් සංවිධානය කරයි.නිවාස හා ඉදිකිරීම් තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම උදෙසා සහ අනාගත සිසු පරපුර ඉදිකිරීම් තාක්ෂණය වෙත නැඹුරු කරවීමේ අරමුණින් නිවාස ඉදිකිරීම් තාක්ෂණය ආශ්‍රිත නව නිපැයුම් තරගය සංවිධානය කර ඇත.මේ සම්බන්ධයෙන් තෝරාගත් පාසල් සිසුන් දැනුවත් කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සම්පත්දයාකයින් විසින් සිදු කරන ලද අතර මේ වන විට මධ්‍යම පලාත පුරා වැඩසටහන් 06 ක් පවත්වා ඇති අතර මාතලේ දිස්ත්‍රික්තය පවත්වන ලද්දේ ඵහි අවසන් දැනුවත් කිරීමේ වැඩසටහන ලෙසිනි.මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කණිෂ්කා වඩුගේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සංවිධානය කර තිබිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සීතා බස්නායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අංශාධිපති මහාචාර්ය කේ.කේ. විජේසුන්දර, මහාචාර්ය කේ.ජී. නදීශානි නානායක්කාර, ආචාර්ය ඒ.ජී.එව්. ජයලත් එදිරිසිංහ, ආචාර්ය ජේ.එස්.එස්. සුපුන් ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ගුරුභවතුන්, සිසු දරුවන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook