පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වේ. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව එහි සභාපති කෘෂි කර්ම, පශු සම්පත්, වාරි මාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී (29) දින පැවැත්විණ. මෙහිදී මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් සභා, විමධ්‍යගත අයවැය, ග්‍රාමීය මාර්ග සංවර්ධන හා වතු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ඒ ඒ ආයතනයන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිණි. මහනුවර, දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය ,විදුලිය, සෞබ්‍යය , ප්‍රවාහන කටයුතු , අධ්‍යාපනය , ජල සම්පාදනය , කෘෂි කර්මාන්තය මෙන්ම දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය ඇතුළු අංශ රැසක් පිළිබදව මෙහිදී කරුණු සාකච්ජා කරන ලදී.අකුරණ පිඟා ඔය පිටාර ගැලීමෙන් අකුරණ නගරයට සිදුවන ව්‍යසනය වළක්වා ගැනීම, මහනුවර නගරයේ වීදී වෙළඳාම, යාචක සහ උන්මත්තකයින් සම්බන්ධ ගැටළුව, මහනුවර නගරයේ සීසීටීවි ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම, ඩෙංගු මර්දන කටයුතු, වනජීවී, වන සංරක්ෂණ ක්‍ෂේත්‍රය, මහනුවර රෝහල් ආශ්‍රිත ඉඩම්, මාර්ග තදබදය, වාහල් ගාල් කිරීම, විසල් මහනුවර සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි. මෙම අවස්ථාව සදහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා පත්වූ නගරාධිපතිවරුන්, සභාපතිවරුන් , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් , දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook