පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

නුවරඑළිය මාර්ග සංවර්ධනය වෙනුවෙන් විශේෂ රැස්වීමක්

නුවරඑළිය මාර්ග සංවර්ධනය වෙනුවෙන් විශේෂ රැස්වීමක්

නුවරඑළිය මාර්ග සංවර්ධනය වෙනුවෙන් විශේෂ රැස්වීමක් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රවාහන ක්ෂේත්‍රයේ හා මහා මාර්ග ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී (14) දින පැවැත්විණි.ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බි.එස් අභයකෝන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි යන මහත්ව‍රුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විය.නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ හා මහා මාර්ග ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා ගැනීමත්, දැනට ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය, ගැටළු හා යෝජනා පිළිබඳව හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂිත ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ග වශයෙන් අවධානය යොමු කෙරිණි.එමෙන්ම ශ්‍රී ලංකා දුම්රිය සේවය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය, මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය විමසා බැලීම ද සිදුවිණි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 350 ක මුදලක් වෙන්කරන බවත් එම ප්‍රතිපාදනය ග්‍රාමීය මාර්ග සංවර්ධනය සදහා ප්‍රමුඛතාව අනුව යොදා ගන්නා ලෙසත්, සංවර්ධන කටයුතු වසර අවසානයේ දෙසැම්බර් 31 වන විට අවසන් කළ යුතු ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදි පැවසීය.දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු විදිමත්ව නිසි කලට සිදු කර ගැනීම සදහා ඒ ඒ ප්‍රදේශවල මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අධික්ෂණය සහ මග පෙන්වීම අත්‍යාවශ්‍ය බව බිමල් රත්නායක අමාත්‍යවරයා මෙම රැස්වීමේදී අවධාරණය කළේය.මීට සමගාමීව ප්‍රවාහන අමාත්‍යාංශයේ නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවක් ස්ථාපනය කර එහි සභාපතිවරයා ලෙස දැනට නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පි.ජි. විජේරත්න, කේ. කලෙයිචේල්වි, අනුෂ්කා තිලකරත්න යන මහත්ම මහත්මීන් නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook