මධ්‍යම පළාතේ සංචාරක මඟ පෙන්වන්නන්ගේ ගැටලු සාකච්ඡාවට...
මධ්‍යම පළාතේ සංචාරක මඟ පෙන්වන්නන්ගේ ගැටලු සාකච්ඡාවට...
මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන, සංචාරක මඟ පෙන්වන්නන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (03) පැවැත්විණි.
මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමය (TGLA-CP) හා එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
මෙම සාකච්ඡාවේදී මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත මඟ පෙන්වන්නන් මුහුණ දෙන සංචාරක මග පෙන්වන්නන් ලෙස ලියාපදිංචි කිරීම, වැඩිදුර පුහුණුවීම් ලබාදීම් සහ විභාග පැවැත්වීම යන වෘත්තීය ගැටළු සහ ක්ෂේත්‍රයේ පවතින ප්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටමේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලි හේවගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන් යන මහත්ම, මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල රාජ්‍ය නිලධාරීන්, මධ්‍යම පළාත් සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.
