පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ඵලදායි රාජ්‍ය සේවයක් සදහා නව පියවරක්-  සංවිධිත රාජ්‍ය සේවයක් උදෙසා “සෙයිරි සතිය ” ඇරඹේ

ඵලදායි රාජ්‍ය සේවයක් සදහා නව පියවරක්- සංවිධිත රාජ්‍ය සේවයක් උදෙසා “සෙයිරි සතිය ” ඇරඹේ

ඵලදායි රාජ්‍ය සේවයක් සදහා නව පියවරක් සංවිධිත රාජ්‍ය සේවයක් උදෙසා “සෙයිරි සතිය ” ඇරඹේ ක්ලින් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමාගාමීව රාජ්‍ය ආයතන තුළ සංවිධිත බව පවත්වා ගැනීම සදහා “සෙයිරි සතිය ” ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන 01 දා සිට 04 දක්වා සියලුම රාජ්‍ය ආයතන වල ක්‍රියාත්මක වේ. එම ජාතික වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාත් වැඩසටහනේ සමාරම්භය පසුගිය දා (01) දින මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමේ වැඩසටහන පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේදී ආරම්භ කරන ලදී. එහිදී බාහිර පරිසරය පවිත්‍ර කිරීමේ කටයුතු වලට ප්‍රමුඛත්වය ලබාදීම සිදුකළ අතර ඖෂධ පැළ (දෙළුම්) රෝපණය කිරීමක් ද සිදුකෙරිණ.නිලධාරින් විසින් උදෑසන පැය දෙකක කාලයක් පළාත් සභවේ ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කාර්යාල පරිශ්‍රයන් හා බාහිර පරිසරය පාදක කර ගනිමින් පිරිසිදු කිරීම මෙදින සිදුකෙරිණ. මෙම සතිය පුරා අනවශ්‍ය දේවල ඉවත් කරමින් සෙයිරි සතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කොට ඇත. මෙම අවස්ථාව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, සභා ලේකම් සුජානි එස් විජේතුංග යන මහත්මීන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, ආයතන ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook