පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

නාවලපිටිය අල් සෆා ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්

නාවලපිටිය අල් සෆා ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්

නාවලපිටිය අල් සෆා ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ගම්පොල අධ්‍යාපන කලාපයේ, නාවලපිටිය අල් සෆා ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා (10) පැවැත්විණි. මෙම සාකච්ඡාවේ අල් සෆා ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත නව තෙමහල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ලබා හා මැනුම් කටයුතු සිදු කිරීම, වත්මන් කොන්ත්‍රාත් කටයුතුවල ප්‍රගතිය හා ගොඩනැගිලි ඉදිකිරීම, ඉදිකිරීම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම සහ සුබ පතන්නන්ගේ දායකත්වය ලබා ගැනීම, ඇතුළු යෝජනා, ගැටලු ආදිය පිළිබඳව අදහස් ලබා ගැනීම සිදුවීය. මධ්‍යම පළාත් ප්‍රධාන විසින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයේ එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණී.මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ අරමුදලින් සහ පරිත්‍යාග ශීලීන්ගේ දායකත්වය යටතේ ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම සාකච්ඡාවට සමගාමීව නාවලපිටිය, ශාන්ත මේරි විද්‍යාලය පිළිබඳවද සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, අධ්‍යක්ෂ (සැලසුම්) කේ.ජී.එස්. නිශ්ශංක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ප්‍රධාන ඉංජිනේරු (සැලසුම්) සී.එම්.එස්. දිසානායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එස්.එම්.යූ.කේ. කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්, මුස්ලිම් ආගමික හා සෆා සංවිධානයේ නියෝජිතයින්, විදුහල්පතිවරුන්, සුබපතන්නන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook