පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

රීමත් අනගාරික ධර්මපාල ගුණ සැමරුම මහනුවර දී

ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණ සැමරුම මහනුවර දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 161 වන ගුණානුස්මරණ උත්සවය ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේ පිහිටි එතුමන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට දී (17) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී. මහනුවර, සෙංකඩගල එක්සත් බෞද්ධ මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙහිදි සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් අනගාරික ධර්මපාල තුමන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය වෙලගෙදර සුමනජෝති ස්වාමීන් වහන්සේ විසින් අනගාරික ධර්මපාල තුමන් පිළිබඳ අනුශාසනාවක් සිදු කළහ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අදහස් දක්වමින්, අනගාරික ධර්මපාල තුමා නිර්මල බෞද්ධ දර්ශනය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීම සඳහා විශාල සේවය සිදු කළ බවත්, බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට ද දායකත්වය ලබාදුන් බව සඳහන් කළේය. මෙම අවස්ථාවට මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම් රෝහණ කීර්ති දිසානායක, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර, මහනුවර සෙංකඩගල එක්සත් බෞද්ධ මණ්ඩලයේ, වැඩ බලන සභාපති දයාසීල එඩ්වඩ්, ලේකම් ඒ.ජේ. කන්නන්ගර යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් එක් වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook