පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

"හීන ගොඩක්" ගීත නිර්මාණය එළිදැක්වේ

"හීන ගොඩක්" ගීත නිර්මාණය එළිදැක්වේ

"හීන ගොඩක්" ගීත නිර්මාණය එළිදැක්වේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් "හීන ගොඩක්" ගීත නිර්මාණය කළ එළිදැක්වීම ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (10) දින පැවැත්විණි.මෙම ගීතයේ ගී පද හා ගායනය මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලයේ සේවයේ නියුතු නිරාශා බුද්ධිනි රත්නායක මහත්මිය විසින් වන අතර මෙම ගීතය සදහා මහනුවර පාසල් කිහිපයක සිසු දරුවන් පිරිසකගේ ගායන හා රුපරචනය සදහා දායකත්වය ලබාගෙන ගීතය නිර්මාණය කර තිබිණ. මෙම ගීතයේ තනුව නවරත්න ගමගේ මහතා විසින් සිදු කොට තිබේ . මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන්, හිටපු ප්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න, සුමංගල විද්‍යාලයේ විදුහල්පති දේශප්‍රිය රත්නායක යන මහත්වරුන් ඇතුළු මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්, ගීත නිර්මාණයට සහභාගී වූ සිසු දරුවන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook