පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

 පරිගණක පුහුණු වැඩසටහනක් පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක පරිගණකාගාරයේදී පැවැත්වේ.

පරිගණක පුහුණු වැඩසටහනක් පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක පරිගණකාගාරයේදී පැවැත්වේ.

මධ්‍යම පළාත් රාජ්ය නිලධාරීන්ගේ පරිගණක හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ Microsoft office ward  භාවිතය පිළිබදව පුහුණු වැඩසටහනක් පසු  (27 ) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක පරිගණකාගාරයේදී පැවැත්වේ.

මධ්‍යම  පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය  මහතාගේ අධීක්ෂණයෙන් නිලධාරීන්ගේ දැනුම හා කුසලතාවයන් ගොඩනංවමින් කාර්යක්ෂම ආයතන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සදහා පළාත් රාජ්‍ය  සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් , කළමනාකරණ සේවා  නිලධාරින් සහභාගී වූ අතර, වැඩසටහනේ සම්පත්දායකත්ව සංවර්ධන නිලධාරි ප්‍රියනාත් ඉද්දමල්ගොඩ මහතා  ලබාදෙනු ලැබිය .

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්‍ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන් සංවිධානය කෙරිණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook