පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ගණිත හිණිපෙළ" අධ්‍යාපන සංවර්ධන වැඩසටහන

ගණිත හිණිපෙළ" අධ්‍යාපන සංවර්ධන වැඩසටහන

ගණිත හිණිපෙළ" අධ්‍යාපන සංවර්ධන වැඩසටහන මහනුවර අධ්‍යාපන කලාපයේ 9 ශ්‍රේණි සිසු දරු දැරියන්ගේ ගණිත සංකල්ප තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක "ගණිත හිණිපෙළ" අධ්‍යාපන සංවර්ධන වැඩසටහන 2025 පසුගිය දා පැවැත්විණි.අ.පො.ස සා පෙළ විභාගයේදී, ගණිත විෂය සමගින් විභාගය සමත්වීමට සිසුන්ට අත්වැලක් වීමේ මෙහි ප්‍රධාන අරමුණ පෙරදැරිකරගෙන පාතහේවා හැට කොට්ඨාශයේ කරගස්කඩ මහ විදුහල, පාතහේවාහට මධ්‍ය විදුහල, මාරස්සන ජාතික පාසල යෙන මධ්‍යස්ථාන තුනකදී ක්‍රියාත්මක කෙරිණි.මෙම වැඩසටහන ඉතාමත් සාර්ථකව සෙනසුරාදා දිනයේ දී මහනුවර අධ්‍යාපන කලාපයේ ගුරු මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වයෙන් පවත්වාගෙන යයි.සිසුන් බහුතරයක් උද්යෝගයෙන් සහභාගී වන අතර, ඒ සඳහා විදුහල්පති මහත්ම මහත්මීන්ගේ සහ දෙමව්පියන්ගේ නොමඳ සහයෝගය මෙම වැඩසටහන සඳහා හිමිවේ.ගඟවට කෝරළේ මධ්‍යස්ථාන දෙකක් වන සරසවි උයන මහ විදුහලේදී සහ ඩී. එස්. සේනානායක මහා විදුහලේදී ද(2025.10.04 වන සෙනසුරාදා දින) ආරම්භ කිරීමට යෙදුන අතර , එහිද සිසුන්ගේ සහභාගිත්වය සතුටුදායක මට්ටමක පැවතිණි. ඉතා සරලව සහ සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් සකස් කළ ඇති මෙම ක්‍රියාකාරකම් වල යෙදීම තුළින් සිසුන් ගණිත විෂය සඳහා ආකර්ෂණය කර ගැනීම අපේක්ෂා කෙරේ.‍ මෙම වැඩසටහන මගින් ගණිත විෂය අසමත් වන සිසුන්ගේ ප්‍රමාණය අවම මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇතැයි ද මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු සංවර්ධන අංශයේ ගණිත විෂය අධ්‍යයන කණ්ඩායම අපේක්ෂා කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook