පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් සභාවේ කටයුතු සමාලෝචනයට

මධ්‍යම පළාත් සභාවේ කටයුතු සමාලෝචනයට

මධ්‍යම පළාත් සභාවේ කටයුතු සමාලෝචනයට මධ්‍යම පළාත් සභාවේ හා පළාත් පාලන ප්‍රගති සමාලෝචනය කිරීමේ සමුළුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී (29) දින පැවැත්විණි.රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් දිවයින පළාත් සභා සහ පළාත් පාලන ආයතන අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ එක් පියවරක් ලෙස, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.13 වන සංශෝධනය මගින් පළාත් සභා වෙත බලය හිමි වී තිබුණද අන්තර් ආයතනික සම්බන්ධීකරණය යහපත් ආකාරයකින් සිදු කරගැනීමත්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ධ්‍රැවීකරණයකින් තොරව කටයුතු කිරීමත්, පවතින ගැටළු නිරාකරණය කරගැනීමත්, ඉදිරියේදී ගැටළුකාරී තත්ත්වයන් ඇති නොවන අයුරින් කටයුතු කිරීම තුළින්, වත්මන් රජය බලාපොරොත්තු වන සංවර්ධනය සහ පොදු ජනතාවගේ සුභ සිද්ධිය වේගවත් කිරීම උදෙසා මෙම සමුළු සංවිධානය කර තිබිණි.මෙහිදි මධ්‍යම පළාතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු සියළු ආයතනවල 2025 වර්ෂයේ සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය, ගැටළු සහ විසඳුම් යෝජනා පිළිබඳව සමාලෝචනය කෙරිණි. එමෙන්ම මීට සමගාමීව මධ්‍යම පළාතේ සියළුම පාලන ආයතනවල ගැටළු සහ විසඳුම් යෝජනා හා අදහස් ලබා ගැනීම ද සිදුවිණි.මෙම අවස්ථාව සඳහා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, මධ්‍යම පළාත් පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් ජගත් අධිකාරි , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, සභා ලේකම් සුජානි ආර්. විජේතුංග, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඉෂාන් විජේතිලක. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉික උඩවත්ත , යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානින්, ඇතුළු පළාත් රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook