පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

‘මධ්‍යම පළාත් කලා උළෙල 2025’ පල්ලේකැලේ දී

‘මධ්‍යම පළාත් කලා උළෙල 2025’ පල්ලේකැලේ දී මධ්‍යම පළාත් ප්‍රධාන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද ‘මධ්‍යම පළාත් කළා උළෙල 2025’ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී (04) පැවැත්විණි.මධ්‍යම පළාතේ සාහිත්‍ය, කලා ‍ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා පවත්වන ‍මෙම උත්සවයේදී වාර්ෂික එළිදක්වනු ලබන සාරථි සාර සංග්‍රහයේ 21 වන කලාපය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක මහතාගේ සංස්කරණයෙන් එළිදැක්වීම සිදු කෙරිණි. මීට සමගාමීව ආචාර්ය මහානාම වික්‍රමසිංහ, ප්‍රවීන රංගවේදීන් වන රොඩ්නි වර්ණකුල සහ රත්නා ලාලනි ජයකොඩි ඇතුළු කණ්ඩායම විසින් “සංගීතය, ගීතය හා ජීවිතය” ප්‍රසාංගික වැඩසටහන ඉදිරිපත් කරන ලදි.මධ්‍යම පළාත් කලා උළෙල වෙනුවෙන් සංවිධානය කළ පාසල්, විවෘත සහ රාජ්‍ය සේවක සාතිහිත්‍ය නිර්මාණ තරගය, ගොප් කලා තරගය, මූර්ති කලා තරගය, අන්තර් කලායතන සංගීත හා නර්තන තරග, ජයග්‍රහකයින්ට ත්‍යාග, කුසලාන, පදක්කම් සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරීම හා තෝරාගත් ජයග්‍රාහි නිර්මාණ ඉදිරිපත් කිරීම ‍ද මීට සමගාමීව ද සිදුවිය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස යන මහත්ම මහත්මීන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, ප්‍රධාන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ගණකාධිකාරී ප්‍රශාන්ත මැදගෙදර, සංස්කෘතික කටයුතු දෙපාර්ත‍මේන්තුවේ අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට මහත්මිය, රාජ්‍ය හා සංස්කෘතික නිලධාරීන්, කලාකරුවන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook