පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පුස්තකාල සේවා මණ්ඩල සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයේ

පුස්තකාල සේවා මණ්ඩල සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයේ

පුස්තකාල සේවා මණ්ඩල සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයේ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩල සාහිත්‍ය නිර්මාණ තරගාවලිය 2025 ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී (07) දින පැවැත්විණීමෙම උත්සවය මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය විසින් මධ්‍යම පළාත තුළ ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන, පළාතේ කලා කුසලතාවයන් යුත් පාසල් දරුවන්ගේ හා පුරවැසියන්ගේ කලා හැකියාව ඇගයීම සඳහා මෙම සාහිත්‍ය නිර්මාණ තරගාවලිය සංවිධානය කර තිබිණී.මෙහිදී පාසල් හා විවෘත යන අංශ යටතේ සාහිත්‍ය නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කරන ලද පිරිස සඳහා තිලිණ හා සහතිකපත්‍ර පිරිනැමීම සිදුවිණී.මෙම අවස්ථාව සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයින්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් මධුපානී පියසේන,කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන්, පලාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ඒ.ජී. මුදියන්සේ, වැඩබලන අධ්‍යයක්ෂ ඉනෝදනී තඹවිට, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර යන මහත්ම මහත්මින්, පුස්තකාල සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින්, පුස්තකාලායාධිපතිවරුන් ඇතුළු පාසල් දරුවන් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook