නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපදාවෙන් හානියට පත් ජනජිවීතය නැවත යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට ජනපති නුවරඑළියට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපදාවෙන් හානියට පත් ජනජිවීතය නැවත යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සදහා පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ශ්‍රවනාගායේදී අද (08) දින පැවැත්විණි.ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට ගෙන යාම සහ නැවත මෙවන් ව්‍යසනයක් ඇතිවීම වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීමේදීද සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදි පැවසීය.නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාය යාම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 19,780කට අයත් පුද්ගලයෝ 63,121ක් පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර, ජනතාවගේ ගමනාගමන පහසුකම් සපුරාලීම වෙනුවෙන් එම ප්‍රතිසංස්කරණ හැකි ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.වතු ආශ්‍රිත මාර්ග 611ක්, පළාත් මාර්ග සහ ප්‍රාදේශීය සභා යන කිසිදු ආයතනයකට අයත් නොවීම හේතුවෙන් ප්‍රතිසංස්කරණයට ලක් වි නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර, වතු සමාගම්වලට අයත්, නමුත් ප්‍රදේශයේ ජනතාව විසින් භාවිතා කරන, ප්‍රධාන නගර සමඟ සම්බන්ධ වන සියලු මාර්ග රජයට පවරාගෙන කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානි වූ පාසල් 551න් 490ක් දෙසැම්බර් 16 වන දා වන විට, යළි ආරම්භ කිරිමේ හැකියාව තිබෙන බවත් මෙහිදි අනාවරණය වූ අතර, එදිනට හැකි තරම් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසඩ මෙහිදි උපදෙස් දුන් ජනාධිපතිවරයා, දෙසැම්බර් 16 ආරම්භ කළ නොහැකි පාසල්වල දරුවන් ආසන්න පාසලකට යොමු කිරීමටත් සහ එහිදී ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීමටත් උපදෙස් ලබා දුන්නේය.ජන ජිවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන අතරම රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දුන්නේය.මීට සමගාමීය ආපදා තත්ත්ය හේතුවෙන් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, කෘෂිකර්ම, ගොවිජන සේවා, වාර්මාර්ග, සන්නිවේදන, ජල සම්පාදන, විදුලිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් කෙරිණි.මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුසාමි රාධාක්‍රිෂ්ණන්, පී.ජි. විජේරත්න, අනුෂ්කා තිලකරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, පී දිගාම්බරම්, ජීවන් තොන්ඩමන් යන මහත්ම මහත්මින්, ඇතුළු මහජන නියෝජිතයින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තේනනකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වුහ.
