පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

විදේශීය භාෂා හැදැරූ  සිසුන්ට සහතිකපත්‍ර

විදේශීය භාෂා හැදැරූ සිසුන්ට සහතිකපත්‍ර

විදේශීය භාෂා හැදැරූ සිසුන්ට සහතිකපත්‍ර 2025 වසරේ විදේශීය භාෂාවන් හැදැරූ සිසු සිසුවියන් සදහා සහතික පත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ සංචාරක හෝටල් පාසලේදී (23) දින පැවැත්විණි.මධ්‍යම පළාත් සංචාරක, වෙළඳ හා වාණිජ දෙපාර්තමේන්තුවේ මෙහෙයෙවීමෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.මෙම උත්සවයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ජර්මන් හා ජපන් භාෂාවන් සහ මාතලේ දිස්ත්‍රික්යේ ජර්මන් භාෂා හැදැරූ සිසු සිසුවියන් පිරිසක් සඳහා සහතිකපත්‍ර පිරිනැමීම සිදු කෙරිණී. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, ප්‍රධාන, අධ්‍යාපන හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන, මධ්‍යම පළාත් සංචාරක, වෙළඳ හා වාණිජ අධ්‍යක්ෂ සදමාලී හේවගේ, මාතලේ සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ සුනිල් වීරසිංහ, පුහුණු උපදේශකවරුන්වන ධනංජය බෝතොට, නිහතමානී වෑකඩේගෙදර යන මහත්ම මහත්මීන් සහ පුහුණුලාභින් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook