පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුගේ දිවි පෙවෙත අළලා රචිත  “දැකුම්කලු කළුනික” කෘතිය එළි දකී.

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුගේ දිවි පෙවෙත අළලා රචිත “දැකුම්කලු කළුනික” කෘතිය එළි දකී.

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුගේ දිවි පෙවෙත අළලා රචිත “දැකුම්කලු කළුනික” කෘතිය එළි දකී. ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා වේ නොමැකෙන සන්නාමයක් වන ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුගේ දිවි පෙවෙත අළලා මාධ්‍යවේදී බන්දුල ජයමාන්න විසින් රචනා කරන ලද “දැකුම්කලු කළුනික” කෘතිය එළිදැක්වීම පසුගියදා වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සිදු කෙරින.මෙහිදී “දැකුම්කලු කළුනික” කතෘ බන්දුල ජයමාන්න විසින් සුසන්ත ප්‍රනාන්දු මහතා වෙත පළමු පිටපත පිරිනැමීම සිදුකරන ලද අතරම, එය සිය මෑණියන් වෙත පිරිනැමීම සුසන්ත ප්‍රනාන්දු මහතා විසින් සිදුකිරීම විශේෂත්වයකි.ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩා පුහුණුකරුවෙකු වෙනුවෙන් ලියවුණු ප්‍රථම හා එකම කෘතිය මෙය වන අතර මෙම කෘතිය එළිදැක්වීමේ ආරාධිත දේශනය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ(ලෙක් හවුස්) කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා විසින් සිදුකරන ලදී.ආසියානු පදක්කම් ලාභී , ඔලිම්පික් මැදිදුර ධාවන ක්‍රීඩිකා තරුෂී කරුණාරත්න ගේද පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ නොමැකෙන සන්නාමයක් වන අතර දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කරමින් මෙරටට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් මලල ක්‍රීඩාවෙන් හිමිකර දීමට මොහු සුවිශේෂී දායකත්වයක් දක්වා ඇත.අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 62 නෙකු බිහි කිරීමට සමත් වූ මොහු , අන්තර් ජාතික ක්‍රීඩා උළෙල වලදී රට වෙනුවෙන් පදක්කම් 78 ක් දායාද කොට ඇත.සම්පත් වලින්, පහසුකම්වලින් බොහෝ දේ දුර වලල දරන්න බැරි තරමේ පදක්කම් ගොන්නකට උරුමකම් කීමේ රහස මෙම විදුහලේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු වීමයි. ජානමය හැකියාවක්, බැඳීමක් නැති දරුවන් ලොවක් දිනන මට්ටමට ගෙන ඒමට අසීමාන්තිකව දැක්වූ කැපකිරීම් සිය ජීවිත කතාව වන මෙම කෘතිය තුළ අන්තර්ගතව පවතින අතර මෙය ශ්‍රී ලාංකික අනාගත පරපුරේ සියලු දුවා දරුවන් කියවිය යුතුම කෘතියක් වේ. වසර 37ක ගුරු සේවයෙන් අනතුරුව විශ්‍රාම යන දිනයට සමගාමීව මෙම කෘතිය එළිදැක්වීමට කටයුතු යොදා පැවතීමද විශේෂත්වයකි.මෙම අවස්ථාවට හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයවීර, මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ සංජීව වීරක්කොඩි, පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ටිරෝන් ප්‍රනාන්දු, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න,එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ(ලෙක් හවුස්) කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, සුසන්ත ප්‍රනාන්දු මහතා ගේ මෑණියන්, සහෝදර සහෝදරියන් , බිරිඳ සහ දරුවන් ඇතුළු සාමාජිකයින්, විදුහල්පතිවරුන්, ක්‍රීඩා උපදේශකවරුන් ,ගුරු උපදේශකවරුන්, වලල ආදී ක්‍රීඩා සංගමයේ නිලධාරීන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook