ආපදාවට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් පැවැත්වෙන ඉගෙනුම් සවිය අධ්‍යාපන සත්කාරක වැඩසටහන
ආපදාවට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් පැවැත්වෙන ඉගෙනුම් සවිය අධ්‍යාපන සත්කාරක වැඩසටහන නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා එක්වේ.පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් ව්‍යසනයට ලක්ව අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදුකර ගැනීමට අපහසු වූ නාවුල අධ්‍යාපන කලාපයේ පාසල්වල මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් පවත් වනු ලබන ඉගෙනුම් සවිය අධ්‍යාපන සත්කාරක නේවාසික වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා ගුරුදෙනියේ පිහිටි අධ්‍යාපන සංවර්ධන ,පර්යේෂණ හා පුහුණු ආයතනය වෙත අද දින (24) සහභාගී විය.නාවුල අධ්‍යාපන කලාපයේ අඹන්ගගකෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් 07ක් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සදහා පෙනීසිටින දරුවන් මෙම වැඩසටහන සදහා සම්බන්ධ වී සිටින අතර, පුරා දින 30ක් මෙම අධ්‍යාපන සත්කාරක වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා පවති. එහිදී අභියෝගය ජය ගැනීමට අත්වැලක් සපයමින් විභාග කඩඉම ජයගැනීම සදහා විෂය දැනුම , විභාගයට හුරු කිරීම, මුද්‍රිත නිබන්දන හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාදීම, පෙරහුරු විභාග පැවැත්වීම ඇතුළුව සාමාන්‍ය පෙළ විභාගය ජය ගැනීමට අවශ්‍ය පසුබිම උදා කිරීමට පියවර ගෙන ඇති අතර, මෙහිදී වැඩසටහන හා සම්බන්ධව සිටින දරුවන් වෙත ඉගෙනුම් උපකරණ හා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම ද අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ගේ උපදෙස් හා මගපෙන්වීම මත , මධ්‍යම පළාත් අධ්‍යාපන් දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන සංවිධානය කොට පවතින අතර මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන , ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල් ) වයි.එම්.හේරත් කෝරලේගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
