පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

2026 මධ්‍යම පළාතේ සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට  මිලියන 40,000 ක්.

2026 මධ්‍යම පළාතේ සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මිලියන 40,000 ක්.

2026 මධ්‍යම පළාතේ සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මිලියන 40,000 ක් 2026 වර්ෂයේ මධ්‍යම පළාත් සභාවේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද දින (28) ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන මෙම සාකච්ඡාවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීරආරච්චි මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වුහ. එම සාකච්ඡාව මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්) විසින් සංවිධානය කොට තිබිණ. 2026 වර්ෂය සඳහා මධ්‍යම පළාතේ සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සඳහා මිලියන 40000ක මුදල් ප්‍රතිපාදනයක් වෙන්කර ඇති අතර එයින් ආපදාවෙන් විනාශයට පත් භෞතික සම්පත් යලි ගොඩනැගීම සඳහා මිලියන 24000ක මුදලක් වෙන් කර තිබේ.මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ජාතික මට්ටමේ දී මධ්‍යම රජයේ ආයතන හා පළාත් සභා ආයතන අතර මනා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් තිබිය යුතු බවත්, 2026 වර්ෂයේදී සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සඳහා විශාල මුදලක් වෙන්න ඇති අතර එම මුදල් ඵලදායිව හා කාර්යක්ෂමව නියමිත කාලරාමුවකට අනුව භාවිත කිරීම සඳහා සැවොම එක්ව කටයුතු කළ යුතු බවත් ය.පළාත් සැලැස්ම, ජාතික මට්ටමේ සැලසුම් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් සියලු ව්‍යාපෘතිය එක් තැනකින් සම්බන්ධීකරණය කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙහිදී අවධානය යොමු වු අතර සංවර්ධන ව්‍යාපෘතිහිදී කොන්ත්‍රාත් ලබාදීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook