පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පළමු ශ්‍රේණියට සිසු දරුවන් ඇතුලත් කිරීමේ මධ්‍යම පළාත් උත්සවය

පළමු ශ්‍රේණියට සිසු දරුවන් ඇතුලත් කිරීමේ මධ්‍යම පළාත් උත්සවය

පළමු ශ්‍රේණියට සිසු දරුවන් ඇතුලත් කිරීමේ මධ්‍යම පළාත් උත්සවය 2026 වර්ෂයේ පළමු ශ්‍රේණි¬යට සිසු දරුවන් ඇතුලත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කළ මධ්‍යම පළාත් උත්සවය, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී (29) දින පැවැත්විණි.මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය සහ මහනුවර, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණී. මෙම උත්සවයේදී ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ප්‍රථමික අංශය සදහා සිංහල හා දෙමළ මාධ්‍ය ශ්‍රේණි හතරක් සදහා සිසු දරුවන් ඇතුලත් කිරීම සිදු කෙරිණි. ඒ් අනුව පළමු ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යන කටයුතු ද අද දින සිට ආරම්භ කෙරේ.මෙහිදි 2026 වර්ෂය සදහා සිසු දරුවන් සඳහා පෙළපොත් හා නිල ඇඳුම් සංකේතවත්ව ලබාදිම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා ඇතුළු ආරාධිතයින් අතින් සිදුවිණි.මෙම උත්සවය වර්ණවත් කිරීම සඳහා සිසු දරුවන් විසින් සංගීත හා නර්තන ඇතුලු සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කරන ලදි.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ චන්දිමා දිසානායක, මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රථමික) ඒ.එම් ඩී එන්.කේ. අබේසිංහ, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ විදුහල්පති අසේල රණසිංහ මහතා ඇතුලු ගුරු භවතුන් දෙමාපියන් හා සිසු දරුවන් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook