මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම බෝගම්බර ක්‍රීඩාංගණයේදී......
මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම බෝගම්බර ක්‍රීඩාංගණයේදී......
අභිමානවත් හැත්තෑඅටවන නිදහස් දිනයට සමගාමිව සංවිධානය කරන ලද මහනුවර දිස්ත්‍රික් සහ මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම 'ගොඩනඟමු ශ්‍රී ලංකා' තේමාව යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, වාරී මාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී (04) දින පැවැත්විණි.
මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික්කය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදි.
ජාතික ගීය ගායනය, ජයමංගල ගාථා ගායනය සහ මාතෘභූමිය වෙනුවෙන් හා නිදහස වෙනුවෙන් දිවි පිදූවන් සිහිකරමින් මෙම උත්සවය ආරම්භ කෙරිණි.
මෙහිදි ශ්‍රී ලංකා ආරක්ෂක අංශ නියෝජනය කරමින් ආචාර පෙළපාලියක්ද , පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් තූර්‍යවාදන සහ ආචාර පෙළපාලියක් ද පැවැත්විණි. මීට සමගාමීව පාසල් තූර්‍යවාදන සංදර්ශනයක් ද සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය හා ආගමික පූජකයින්, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු මධ්‍යම පළාත් අමාත්‍යංශ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්, පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිසු දරුවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.
