මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් (Mr. Matthew Duckworth) මහතා අතර හමුවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් (Mr. Matthew Duckworth) මහතා අතර හමුවක් 16 දින මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.
මෙහිදී දෙරට අතර රාජ තාන්ත්‍රික කටයුතු, වර්තමාන රජයේ සමාජ, ආර්ථික හා සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව සහ මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා විය.
මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර අභයකෝන් මහතා විසින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා වෙත සමරු සිහිවටනයක් ද පිරිනැමීම සිදු කරන ලද අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මිය ද එක්ව සිටියහ.
