පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මැදරට ක්ෂුද්‍ර  හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට ඉන්දියාවේ පුහුණුවක්

මැදරට ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට ඉන්දියාවේ පුහුණුවක්

මැදරට ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට ඉන්දියාවේ පුහුණුවක් මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර අත්දැකීම් සදහා යොමුකිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගිය (13) දින පැවැත්විණි. මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයී.මෙම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් හා නිලධාරීන් ඇතුළුව 25 පිරිසක් ඉන්දියානු රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ ඉන්දියාවේ නොයිඩා (Noida) හි ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර සංවර්ධනය සඳහා වූ ජාතික ආයතනය (NIESBUD) 2026 මාර්තු 16 සිට 31 දක්වා දින 14 ක සම්පූර්ණ නොමිලේ පැවැත්වෙන පුහුණුවක් ලබාදීමට නියමිතව ඇත. මේ යටතේ තෝරාගත් මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් හට ප්‍රථම වරට හිමිවූ මෙම පුහුණු අවස්ථාව සඳහා සහභාගීවීමට අදාළ ලිපි හා ගුවන් ගමන් ටිකට්පත් ලබාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙම අවස්ථාව සඳහා මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සාරන්‍යා වී.එස්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ.එස්.එම්. අස්ලම් යන මහත්ම මහත්මීන්, ඇතුලු ව්‍යාවසායකයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook