පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

රූපලාවන්‍ය හා කේශාලංකරණ පුහුණුලාභින් ඇගයේ

රූපලාවන්‍ය හා කේශාලංකරණ පුහුණුලාභින් ඇගයේ

රූපලාවන්‍ය හා කේශාලංකරණ පුහුණුලාභින් ඇගයේ මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකය විසින් මෙහෙයවනු ලැබූ රූපලාවන්‍ය හා කේශාලංකරණ NVQ (Level 4) පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය හා මනාලියන් දැක්ම කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (11) දින මහනුවර රෝයල් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.එහි දී සාර්ථකව පාඨමාලාව අවසන් කළ පුහුණුලාභීන් හට සහතිකපත්‍ ප්‍රදානය කරන ලද අතර ඔවුන්ගේ කුසලතා එළි දක්වමින් මනාලියන් දැක්මක් ද පවත්වන ලදී.සහතිකපත්ලාභීන් අතින් හැඩගැන් වූ මනාලියන් 40 දෙනෙකු අතුරින් සුරූපීම මනාලියන් 5 දෙනකු තෝරා ගන්නා ලද අතර ඔවුන් හැඩගැන් වූ ශිල්පිණියන් හට විශේෂ ඇගයීමක් සිදු කෙරිණි. ඒ සඳහා ඩ්‍රීම්රොන් ආයතනය හා කොමර්ෂල් බැංකුව අනුග්‍රාහකත්වය දක්වන ලදී.මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහකාර ලේකම් නිසංසලා අලුවිහාරේ, වනිතා කටයුතු ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජීවන්ති අමරසිංහ, පරිපාලන නිලධාරී මංජුල අබේසිංහ, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශයේ සහකාර ලේකම් අයෝමි දූල්වල, නියෝජ්‍ය අධ්‍යක්ෂ එරන්දි කුමාරගේ යන මහත්ම මහත්මීන් හා වනිතා කටයුතු ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook