පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මාතලේ මහ නගර සභාවේ කසළ කළමණාකරණය පිළිබඳව සාකච්ඡාවක්

මාතලේ මහ නගර සභාවේ කසළ කළමණාකරණය පිළිබඳව සාකච්ඡාවක්

මාතලේ මහ නගර සභාවේ කසළ කළමණාකරණය පිළිබඳව සාකච්ඡාවක්.... මාතලේ මහ නගර සභා බල ප්‍රදේශයේ පවතින කසළ කළමණාකරණය ගැටළු පිළිබඳව සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී (29) දින පැවත්විණී.මෙහිදී නගර සභා බල ප්‍රදේශයේ ඒක්වන කසළ කළමණාකරණය කිරීම සඳහා වරියපොලවත්ත භාවිතා කිරීම, ඊට අදාළ කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. මීට සමගාමීව මාතලේ මහ නගර සභාවේ පවතින අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා මාතලේ මහ නගර සභාවේ නගරාධිපති අජිත් කොට්ටහච්චි, නාගරික කොමසාරිස් දිනුක බඹරදෙණිය, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එ‍ම්.ඒ.ඒ.එම්. රිස්වාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook