පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාතේ ඖෂධවේදී ගැටළු සාකච්ඡාවට

මධ්‍යම පළාතේ ඖෂධවේදී ගැටළු සාකච්ඡාවට

මධ්‍යම පළාතේ ඖෂධවේදී ගැටළු සාකච්ඡාවට..... මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාතේ ඖෂධවේදීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගිය (30) දින පැවැත්විණි.මෙම සාකච්ඡාවේදි ඖෂධවේදීන්ගේ සේවයේ බඳවා ගැනීම්, උසස් කිරීම්, දීමනා ගෙවීම් ඇතුළු ඖෂධවේදී සේවාවේ වෘත්තීමය සහ සේවා ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) සී.කේ. අමරකෝන්, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එල්.රණවීර, රජයේ ඖෂධවේදී සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු සංගම් නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook