පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පළාත් පාලන මැතිවරණයට කොමිසම සුදානම්.

පළාත් පාලන මැතිවරණයට කොමිසම සුදානම්.

පළාත් පාලන මැතිවරණයට කොමිසම සුදානම්..

 

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් මස 20  වන දිනෙන් පසුව  මැතිවරණ කොමිසම් සභාව ට නීතිමය බලතල   හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා  පවසයි.

 

පළාත් පාලන ආයතනවල  නිල කාලය වසරකින් දීර්ඝ කිරීම සිදුකල කාලයද ඇතුළත්ව නිල කාලය 2023 මාර්තු 20 දින අවසන් වන බව පෙන්වා දුන් සභාපතිවරයා තව දුරටත් සදහන් කලේ නීතිමය ගැටලු ඇති නොවුණොත් නිසි පරිදි මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ  සභාවේ අපේක්ෂාව බවය.

 

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද (02) පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

 

පළාත් පාලන ආයතනවල මීට පෙර පැවැති සමස්ත සභිකයන් ප්‍රමාණය 4917   ක් වුවත් වර්තමාන ක්‍රමය මත පළාත් පාලන සභිකයන් 8911 සිටින බව දැක්වු සභාපතිවරයා සදහන් කලේ එය අඩු කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත්වි ඇති බවය.

 

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක, නුවරඑළිය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්  ලහිරු කලුම්පිටිය මහතා ඇතුලු පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.

 

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook