පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ප්‍රතිසංස්කරණය කළ ගලේවෙල-අලුත්වැව වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට

ප්‍රතිසංස්කරණය කළ ගලේවෙල-අලුත්වැව වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට

රුපියල් මිලියන 38ක ආසියානු සංවර්ධන බැංකු ණය ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද අලුත්වැව වෛද්‍ය සත්කාර ඒකකය  (14) ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

1970 වසරේ මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කර ඇති අලුත්වැව වෛද්‍ය සත්කාර ඒකකය, ප්‍රතිසංස්කරණ කටයුතු මගින් මේ වන විට අංගසම්පූර්ණ වෛද්‍ය සත්කාර ඒකකයක් ලෙස සංවර්ධනය කර තිබේ.

ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩී.සී. කපුවත්ත මහතා සඳහන් කළේ, නව පහසුකම් සහිත මෙම ඒකකය මගින් ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා පුළුල් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වන බවයි.

මෙම අවස්ථාවට ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.ජී.අයි. කරුණාරත්න මහතා ඇතුළු ජනතා නියෝජිතයන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා, මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා, රෝහල් කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

නවීකරණය කළ මෙම වෛද්‍ය සත්කාර ඒකකය හරහා අලුත්වැව හා අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

See less

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook