පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහනුවරින් අලි වැඩක් - ‘හස්ති – Elegance of Elephants 2026’ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය මහනුවර දී.

මහනුවරින් අලි වැඩක් - ‘හස්ති – Elegance of Elephants 2026’ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය මහනුවර දී.

මහනුවර ඇසළ පෙරහැර සමය පාදක කරගනිමින් දෙස් විදෙස් සංචාරකයින් වෙත නවමු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ‘හස්ති – Elegance of Elephants 2026’ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය අද (15) මහනුවර KCC පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා විසින් විවෘත කළ අතර, අලියා හෙවත් හස්තියා තේමාව කරගත් විවිධ හස්ත නිර්මාණ හා නිෂ්පාදන රැසක් මෙහිදී ප්‍රදර්ශනය විය.

ශ්‍රී ලංකාවේ මෙවැනි තේමාවක් ඔස්සේ සංවිධානය කෙරෙන ප්‍රථම ප්‍රදර්ශනය ලෙස සැලකෙන ‘හස්ති – Elegance of Elephants 2026’ ප්‍රදර්ශනය 15) සහ (16) දෙදින පුරා මහනුවර KCC පරිශ්‍රයේදී පැවැත්විණ.

පාරම්පරික හස්ත කර්මාන්ත සංරක්ෂණය කරමින් ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය හා ශිල්පීය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමත්, ඔවුන් සඳහා නව වෙළෙඳපොළ අවස්ථා සහ වෙළෙඳ සබඳතා නිර්මාණය කරදීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.

මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සුවිශේෂී අනන්‍යතාවකින් හා ශිල්පීය හැකියාවන්ගෙන් යුත් නිර්මාණ ඉදිරිපත් කරන පාරම්පරික මෙන්ම නව පරපුරේ හස්ත කර්මාන්ත ශිල්පීන් 50කට අධික පිරිසක් ප්‍රදර්ශනය සඳහා එක්ව සිටියහ.

ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, ආණ්ඩුකාර සහකාර ලේකම් වරුණ මියනදෙණිය මහතා, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ එම්. බී. යූ. එස්. කොන්සිවත්ත මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook