ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන නිශාන්ත බණ්ඩාර කරුණාතිලක මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් තනතුර සඳහා පත් කෙරේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා විසින්, මෙම පත්කිරීමට අදාළ පත්වීම් ලිපිය, මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී 17) දින පෙරවරුවේ ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) වැඩ බලන සුජානී විජේතුංග, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රධාන ලේකම් (පාලන) ටී.එම්.කේ. රත්නායක, ආණ්ඩුකාර සහකාර ලේකම් වරුණ මියනදෙණිය යන මහත්ම මහත්මීන්ද ඇතුළු පිරිසක් එක්වූහ.
See less
