පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ලෝක සර්ප විද්‍යා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාවට -ප්‍රථම ලෝක සර්ප විද්‍යා සම්මේලනය මහනුවරදී

ලෝක සර්ප විද්‍යා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාවට -ප්‍රථම ලෝක සර්ප විද්‍යා සම්මේලනය මහනුවරදී

ශ්‍රී ලංකාවේ සර්ප විවිධත්වය, සංරක්ෂණය සහ විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණින් සංවිධානය කළ “World Congress on Snakes – 2026” ජාත්‍යන්තර සම්මේලනයේ සමාරම්භක උත්සවය පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01 දින මහනුවර ග්‍රෑන්ඩ් කන්ඩියන් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

“Snakes, Science, Species Survival & Sri Lanka” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සම්මේලනය සඳහා විදේශීය නියෝජිතයන් 200කට අධික පිරිසක් සහ දේශීය නියෝජිතයන් 120කට අධික පිරිසක් එක්ව සිටියේය.

ශ්‍රී ලංකාවේ සර්ප විශේෂවල විවිධත්වය, සංරක්ෂණය, විද්‍යාත්මක පර්යේෂණ සහ එම විශේෂවල අනාගත පැවැත්ම සම්බන්ධ කරුණු පිළිබඳව මෙම සම්මේලනයේදී විශේෂ අවධානය යොමු කෙරේ.

දෙස් විදෙස් විද්වතුන්, පර්යේෂකයන්, පරිසරවේදීන් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විද්වත් සැසි හා සම්මන්ත්‍රණ මඟින් නව පර්යේෂණ දැනුම හුවමාරු කර ගැනීමටත්, සර්ප විශේෂ සංරක්ෂණය සම්බන්ධ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමටත් අවස්ථාව සැලසේ.

සම්මේලනයට සමගාමීව ග්‍රන්ථ එළිදැක්වීමක් සහ සමරු තැපැල් මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාවේ සුවිශේෂී සර්ප ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ සහ සංරක්ෂණ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට මෙම ජාත්‍යන්තර සම්මේලනය වැදගත් වේදිකාවක් බවට පත්වනු ඇත.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook