මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ආතතිය කළමනාකරණය කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩසටහනක් අද (04) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මධ්‍යම පළාතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා විවිධ ආයතනවල සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සාහිත්‍ය හා රසවින්දනය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
එහි සම්පත් දායකත්වය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය සැලසුම් අධ්යක්ෂ සමිත දුනුකේපොත මහතා විසින් ලබාදුන් අතර, සාම්ප්‍රදායික පුහුණු වැඩසටහන් ආකෘතියෙන් බැහැරව රසවින්දනාත්මක හා නිර්මාණශීලී ප්‍රවේශයක් ඔස්සේ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දීම හේතුවෙන් මෙම වැඩසටහන සහභාගී වූ නිලධාරීන්ගේ විශේෂ ආකර්ෂණයට ද ලක්විය.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්යක්ෂ තිළිණි දෙහිගොල්ලේ මහත්මියගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර ක්‍රියාත්මක කෙරිණි.
