පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

කාලීන ගැටළු විසඳාගැනීම සඳහා ඵලදායිතා සංකල්පය යොදා ගැනීම කාලෝචිතයි-මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා.

කාලීන ගැටළු විසඳාගැනීම සඳහා ඵලදායිතා සංකල්පය යොදා ගැනීම කාලෝචිතයි-මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා.

කාලීන ගැටළු විසඳාගැනීම සඳහා ඵලදායිතා සංකල්පය යොදා ගැනීම කාලෝචිත බවත් ඒ සඳහා ආයතනික ඵලදායිතාව ඉහළ දැමීම කළ යුතු කාර්යයක් වුවත් පුද්ගලික ඵලදායිතාවය ඉහළ දැමීම ඒ සඳහා වඩාත්ම උචිත බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසයි.

ප්‍රධාන ලේකම්වරයා මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ඊයේ (08)මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ පැවති මධ්‍යම පළාත්  ඵලදායිතා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස  එක්වෙමිනි.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පැවැත්වූ ඵලදායිතා තරඟාවලියට ඉදිරිපත්ව ජය ලැබූ මහනුවර, මාතලේ, නුවරඑළිය හා කෑගල්ල යන  දිස්ත්‍රික්කවල පාසල්, පිරිවෙන්, රජයේ ආයතන හා පුද්ගලික ආයතන සඳහා සහතිකපත් හා කුසලාන ප්‍රදානය කිරීම මෙහිදී  සිදු කෙරිණ. 

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ  ප්‍රධාන ලේකම්වරයා රාජ්‍ය අංශය තුළ පවතින සැබෑ ගැටලු හඳුනාගනිමින් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා නිරන්තරයෙන් රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අභයෝගයකට සූදානම්ව  ප්‍රායෝගිකත්වයට නැඹුරුවී, නව සංකල්ප ආදේශ කර ගනිමින් රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීමත්, රාජ්‍ය සේවකයෝ පුරවැසියෝ ලෙස රට ගොඩනැගීමට කැපවීමෙන් දායකත්වය ලබාදීම කාලීන අවශ්‍යතාවයක් බව  පැවසීය.

රාජ්‍ය අංශයේ සැබෑ ඵලදායිතාවය මැනිය හැක්කේ සේවය ලබා ගත් මහජනයා ලබා දෙන ප්‍රතිචාරය පදනම් කර ගෙන බවත්, ඵලදායිතාවය තිබිය යුත්තේ මහජනයා වෙනුවෙන් මිස මහජනයාට සේවයක් නොවන, මහජන ඇගයීමක් නොමැති සහ මහජන සිතුම් පැතුම් ඉටු නොවන රාජ්‍ය සේවයකින් හෝ ඵලදායිතාවයින් ඵලක් නොවන බව ද ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චම්පිකා ඩි. ධර්මසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල හෙන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook