පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාතේ සංවර්ධන පුවත් ජනගත කිරීමට මාධ්‍ය සම්බන්ධීකරණය නිලධාරීන් පුහුණු කෙරේ.

මධ්‍යම පළාතේ සංවර්ධන පුවත් ජනගත කිරීමට මාධ්‍ය සම්බන්ධීකරණය නිලධාරීන් පුහුණු කෙරේ.

මධ්‍යම පළාතේ සංවර්ධන පුවත් ජනගත කිරීමට මාධ්‍ය සම්බන්ධීකරණය නිලධාරීන් පුහුණු කෙරේ. 

                    

මධ්‍යම පළාත් රාජ්‍ය  සේවයේ නියුතු  මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් සදහා වූ  මාධ්‍යකරණය පිළිබදව පුහුණු වැඩමුළුවක්   මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන්   ඉකුත්දා  පල්ලේකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.  

 

පළාතේ සංවර්ධන පුවත් ජනගත කිරීම සදහා ආයනතනික මට්ටමින් සිදුකරනු ලබන වැඩසටහන් හා සංවර්ධන කාර්යයන් ජනතාව වෙත වඩා සමීප කරවීමේ ප්‍රමුඛ කාර්යය සදහා වැඩි දායකත්වයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන සංවිධානය වී පැවතුනි.

 

මෙහි පළමු දේශනය මෘදුකාංග ඉංජිනේරු මහී කිරිඳිගොඩ මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වීය. එහිදී නව මාධ්‍ය ප්‍රවණතා හා ප්‍රවෘත්ති වාර්තාකරණයට එහි දායකත්වය පිළිබදව න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරම් වලින්  සමන්විත විය. 

 

දෙවන දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, පළාත් මාධ්‍ය නිලධාරී නිමල්  චන්ද්‍රසිරි මහවත්ත මහතා පැවැත් වූ අතර එහිදී  පළාත් මාධ්‍ය ඒකකයේ කාර්යභාරය, මාධ්‍යකරණයේ වැදගත්කම, කාලීන සංවර්ධන පුවත් ජනගත කිරිම, ප්‍රවෘත්ති රචනය පිළිබඳව න්‍යායාත්මක කාරණා හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත විය. එසේම මාධ්‍යකරණයේ වැදගත්ම සාධකයන් වන ඡායාරූපකරණය, වීඩියෝකරණය හා සංස්කරණය පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන අසේල රත්නායක මහතා විසින් පැවැත්වීය. 

 

මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය විසින් මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන   සංවිධානය කෙරිණි.

 

මෙම පුහුණු වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න ඇතුළු  අමාත්‍යාංශ ලේකම්වරුන්,  නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය,  කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු හා අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මාධ්‍ය සම්බන්ධීකාරක නිලධාරීන් පිරිසක් සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook